Wednesday, February 11, 2026
Follow Us
හොරණ කර්මාන්ත ශාලාවක 47කට කොරෝනා

හොරණ ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක් තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන ඇත.

ඒ කොවිඩ්-19 වෛරසය ආසාදිතයින් 47දෙනෙකු හදුනාගැනීමත් සමගයි.

එම කර්මාන්ත ශාලාව තුළ ඉන්දීය ජාතිකයින් 37දෙනෙකු ඇතුළු 47දෙනෙකුට කොරෝනා වෛරසය වැළදී ඇති බවට තහවුරු වී ඇතැයි ඉංගිරි පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එල්.පී.එල්. ප්‍රියන්ත මහතා පැවසීය.

මෙම කර්මාන්ත ශාලාවේ සේවයේ නියුතු සේවකයින් 6දෙනෙකුගෙන් අහඹු ලෙස ලබාගත් පී.සී.ආර්. පරීක්ෂණ හයකින් පස්දෙනෙකුගේ ප්‍රතිඵල පසුගිය 11 වැනිදා ලැබී ඇති අතර, ඒ අනුව ඔවුන්ට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත.

ඒ අනුව පසුගිය 12 වැනිදා අදාළ කර්මාන්ත ශාලාවේ සේවයෙහි නියුතු සියලුම සේවකයින් පී.සී.ආර්. පරීක්ෂණ සදහා යොමු කර ඇත.

එම පරීක්ෂණවල ප්‍රතිඵල අනුව කර්මාන්ත ශාලාවේ 47දෙනෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බව ඊයේ (14) දිනයේ තහවුරු වී තිබේ.

වෛරසය ආසාදනය වී ඇති එම ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් සෙවීමේ කටයුතු අද (15) දිනයේ ආරම්භ කර ඇති අතර, ඔවුන් නිරෝධායනයට යොමු කිරීමට කටයුතු කරන බව ඉංගිරි පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එල්.පී.එල්. ප්‍රියන්ත මහතා පවසයි.

(Aruna)