Wednesday, February 11, 2026
Follow Us
කිතුල් , ශ‍්‍රී ලංකාවේ ප‍්‍රධාන වැවිලි බෝගයක් ලෙස නම් කෙරේ

කිතුල් බෝගය, ශ‍්‍රී ලංකාවේ ප‍්‍රධාන වැවිලි බෝගයක් ලෙස නම් කිරීමට හා කිතුල් සංවර්ධන මණ්ඩලය පිහිටුවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ, වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ ඉදිරිපත් කළ යෝජනාවකට අනුවයි.

කිතුල් ආශ‍්‍රිත නිෂ්පාදන කර්මාන්තය ශ‍්‍රී ලංකාවට ආවේණික කර්මාන්තයක් ලෙස මෙන්ම විදේශ විනිමය ඉපයීම සඳහා ඉහළ විභවතාවක් පවතින කර්මාන්තයක් ලෙස හඳුනාගෙන තිබෙනවා. එම තත්ත්වය සැලකිල්ලට ගනිමිනුයි අමාත්‍ය මණ්ඩලය එම තීරණයට එළඹ ඇත්තේ.

(Neth)