Wednesday, September 24, 2025
Follow Us
කොරෝනා අවදානම ඉහළ යයි - ආසාධිතයන් ගණන 33,000 ඉක්මවද්දී මරණ 154ක් වෙයි

තවත් කොරෝනා මරණ 02 ක් මෙරටින් වාර්තා වී තිබෙනවා.

බණ්ඩාරගම ප‍්‍රදේශයේ පදිංචිව සිටි 73 හැවිරිදි වියේ පසුවූ කාන්තාවක් සහ කොළඹ 14 ප‍්‍රදේශයේ පදිංචිව සිටි 65 හැවිරිදි වියේ පසුවූ පිරිමි පුද්ගලයෙක් එලෙස මියගොස් ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර ඇත්තේ. එම මරණ 02 ත් සමග මෙරටින් වාර්තා වන සමස්ථ කොරෝනා මරණ සංඛ්‍යාව 154 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මේ අතර ඊයේ දිනයේදී කොරෝනා ආසාදිතයින් 685 දෙනෙකු වාර්තා වූ බවයි රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. පෑලියගොඩ කොවිඞ් පොකුරේ ආශි‍්‍රතයින් 627 දෙනෙකු සහ බන්ධනාගාර කොඩිව් පොකුරේ 54 දෙනෙකු ඒ අතර වන බව ද රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවා.

ඒ අනුව මිනුවන්ගොඩ, පෑලියගොඩ සහ බන්ධනාගාර කොවිඞ් පොකුරුවලින් වාර්තා වී ඇති සමස්ථ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 29,837 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ථ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 33,478 ක්. ඒ අතරින් 24,309 දෙනෙකු සුවය ලබා තිබෙනවා. රෝහල්ගතව ප‍්‍රතිකාර ලබන කොවිඞ් ආසාදිතයින් සංඛ්‍යාව 9,015 ක්.

(Neth)