කොවිඩ් 19 වෛරසය සදහා නිපදවු ෆයිසර් බයෝටෙක් එන්නත පළමුවෙන් ලබාගත් කිහිප දෙනා අතර බ්‍රිතාන්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකික වෛද්‍යවරයෙකු වන වෛද්‍ය ප්‍රේම් ප්‍රේමචන්ද්‍රන් මහතා සිටින බව වාර්තා වෙයි.
විශේෂඥ වෛද්‍ය ප්‍රේම් ප්‍රේමචන්ද්‍රන් මහතා දකුණු එංගලන්තයේ, සරේ ප්‍රදේශයේ ෆ්‍රිම්ලි පාක් රෝහලේ විශේෂඥ වෛද්‍යවරයෙක් ලෙස කටයුතු කරනු ලබයි.
යාපනයේ උපත ලබා තිබෙන වෛද්‍ය ප්‍රේම් ප්‍රේමචන්ද්‍රන් මහතා වසර 24 ක් මුළුල්ලේ බ්‍රිතාන්‍යයේ වාසය කරයි.
ලොව ප්‍රථම වරට ෆයිසර් කොවිඩ් -19 එන්නත ලබා ගත් පුද්ගලයා බවට පත් වූයේ එක්සත් රාජධානියේ දිවි ගෙවන 91 හැවිරිදි මිත්තණියකට වන අතර ඇයට එන්නත දෙනු ලැබුවේ ග්‍රිනිච් වේලාවෙන් එදින උදෑසන 06:31 ටය.
විශේෂඥ වෛද්‍ය ප්‍රේම් ප්‍රේමචන්ද්‍රන් මහතාට එම එන්නත ලැබුණේ එදිනම උදෑසන 8 ට වන අතර එම රෝහලෙන් එන්නත ලබාදුන් පළමු පුද්ගලයා ඔහුය.
ඒ අනුව ඔහු කොරෝනා වෛරසයට එරෙහි එන්නත ලබාගත් පළමු ශ්‍රී ලාංකිකයා ද විය හැකිය.
කෝවිඩ්-19 රෝගය මර්දනය කිරීම පිණිස නිපදවන ලද එන්නතක් මුලින්ම ලැබුණු පිරිස අතරට එක්වීම භාග්‍යයක් බවත් තවදුරටත් සිය රෝගීන් බේරාගැනීම පිණිස කැපවීම සඳහා එය මහත් පිටුවහලක් බව සඳහන් කරයි.
(Aruna)