Wednesday, February 11, 2026
Follow Us
කලාප දෙකක පාසල් වැසෙයි

කොවිඩ් අවදානම හමුවේ යාපනය උඩුවිල් සහ තෙලිප්පලෙයි යන අධ්‍යාපන කලාප දෙකෙහි පිහිටි සියලු පාසල් අද (14) සිට වසා දමා ඇත. එම පාසල් නැවත දැනුම්දෙන තුරු නිවාඩු ලබාදීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍යංශයේ උතුරු පළාත් අධ්‍යාපන ලේකම් කාර්යාලය සඳහන් කරනවා.

උඩුවිල් අධ්‍යාපන කලාපයෙන් ආසාදිතයන් හමුවීමත් සමග එම ආසාදිතයින් තෙලෙිප්පලෙයි අධ්‍යාපන කලාපයේද සංචරණය කර ඇති බවයි වාර්තා වන්නේ. එබැවින් එම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්හි පිහිටි පාසල් වෙතට නිවාඩු ලබා දීමට පියවර ගෙන තිබෙනවා.

(Aruna)