Wednesday, September 24, 2025
Follow Us
දේශීය කොවිඩ් ඖෂධ විද්‍යාත්මකව තහවුරු වනතෙක් අනවශ්‍ය විශ්වාසයක් තැබීම ඉතාම භයානකයි - GMOA

දේශීය කොවිඩ් මර්දන ඖෂධ විද්‍යාත්මක පදනමක් මත තහවුරු කරගන්නා තුරු ඒවා පිළිබඳ අනවශ්‍ය විශ්වාසයක් තබා කටයුතු කිරීමෙන් ඉතාම භයානක ප්‍රතිඵල අත්විය හැකි බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු හඟවයි.

"මේ පිළිබඳ යම් බලාපොරොත්තුවක් තබාගෙන ඉන්න එක හොඳයි රටක් විදියට. නමුත් අවසන් විග්‍රහයේදී විද්‍යාත්මක පර්යේෂණ ක්‍රමවේදයක් හරහා මේක සනාථ වෙනකල් මේ පිළිබඳ අනවශ්‍ය විශ්වාසයක් තබලා කටයුතු කිරීම හරහා ඉතාම භයානක ප්‍රතිඵල එන්න පුළුවන්.

මොකද ජනතාවට ඇත්තටම අනුගමනය කළයුතු පුරුදු අමතක වෙන්න පුළුවන් මේ වගේ සමහර දේවල් එක්ක. එහෙම වෙන්නෙ නැතුව මේවා සාර්ථක වෙලා ප්‍රතිඵල සනාථ වෙලා ඒ පිළිබඳ නිල ප්‍රකාශයක් ඉදිරිපත් වෙනතාක් කල් අපි මේ දක්වා අනුගමනය කළ මූලික සෞඛ්‍ය ක්‍රමානුකූල පුරුදුත් එක්ක ඉස්සරහට යාම තමයි කළ යුත්තේ. එහෙම වුණොත් විතරයි රටක් විදියට අපට ඉස්සරහට යන්න පුළුවන්කම ලැබෙන්නෙ" යනුවෙනුයි එම සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේ.

වෛද්‍ය හරිත අලුත්ගේ මහතා මේ බව පැවසුවේ ඊයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

(LNW)