Wednesday, September 24, 2025
Follow Us
වවුනියාවේ ප්‍රදේශයක් හුදකලා කරයි

වවුනියාවේ, සාලම්බකුලම් ගම්මානයෙන් ආසාදිත කාන්තාවක් සහ කුඩා දරුවකු හඳුනාගැනීමත් සමඟ ගම්මානය හුදකලා කර ඇති බව වාර්තා වනවා. නැවත දැනුම්දෙන තුරු හුදකලා බව ක්‍රියාත්මක කරන බව වවුනියාව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කරනවා.

පසුගිය දා කොළඹ සිට පැමිණ ඇති එම මව සහ දරුවා උණ රෝගයෙන් පෙලි ඇති අතර සිදුකරන ලද PCR පරීක්ෂාවේදී ආසාදිත බව හඳුනාගෙන ඇත.

මෙලෙස ආසදිතව ඇත්තේ 27හැවිරිදි මවකට සහ අවුරුදු 5ක් වයසැති දරුවකුටයි. එම ආසාදිත කාන්තාව ප්‍රදේශයේ නිවාස කිහිපයකට ගොස් ඇති බවද පැවසෙනවා.

ගම්මානයේ පවුල් 382ක් පමණ මේ වන විට හුදකලා කර ඇති අතර කාන්තාව සමීපව ඇසුරු කළ පුද්ගලයන් කිහිප දෙනෙකු සම්බන්ධයෙන් PCR පරක්ෂණ සිදුකර ඇති බව පැවසේ.

එබැවින් සාලම්බකුලම් ගම්මානයට ඇතුළුවීම හා පිටවීම වළක්වමින් ආරක්ෂක අංශ විසින් තාවකාලිකව මුරපොළවල් ඉදිකොට මාර්ගය වසා දමා ඇත.

(Aruna)