රක්වාන උක්වත්ත ප්‍රදේශයේ සංචරණ සිමාවන් පනවා ඇති බව ගොඩකවෙල ප්‍රදේශිය සභාව සඳහන් කරනවා. මෙලෙස සංචරණ සිමාවන් පනවා තිබීම තාවකාලිකව ඊයේ (12) රාත්‍රී 10යේ සිට ක්‍රියාත්මක කර ඇති බවත් ගොඩකවෙල ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රියන්ත බංඩාර මහතා සඳහන් කර තිබේ.
සිද්ධියට හේතුව වී ඇත්තේ රත්නපුර මල්වල ප්‍රදේශයේ මනාලයෙකු රක්වාන ප්‍රදේශයෙන් විවාහයක් වී ඇති අතර විවාහ ගිවිස ගැනීමේ උත්සවය රක්වානේ පවත්වා ඇත.
උත්සවය පැවැත්වීමෙන් පසුව මනාලයා කොවිඩ් ආසාදිත බව හඳුනාගෙන ඇති අතර නිවාස 10ක පිරිසක් නිරෝධනයට යොමුකර තිබේ. උත්සවය සඳහා පාසල් ගුරුවරුන් කිහිපදෙනෙකු සහ සිසුන් කිහිප දෙනෙකු සහභාගී වී ඇති අතර ඔවුන් ඇතුළු ප්‍රදේශයේ 45දෙනෙකු ස්වයං නිරෝධායනය සඳහා යොමුකර තිබේ.
ඊයේ (12)වනදා කොරොනා ආසාදිත බවට හදුනාගත්තේ එලෙස නිරෝධායනයට යොමු කළ පිරිසක් වන අතර මනාලයා හා විවාහය ගිවිසගත් මනාළියද ඇගේ පවුලේ අයද නිරෝධායට යොමුකර ඇත.
(Aruna)