පසුගිය ඔක්තෝම්බර් මස 04 වනදා සිට මේ දක්වා කාලය තුළ කොළඹ දිස්ති‍්‍රක්කයෙන් වාර්තා වූ නව්‍ය කොරෝනා ආසාදිතයින් ගණන 14,107 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ, ඊයේ දිනයේ කොළඹ දිස්ති‍්‍රක්කයෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 397 දෙනා සමගින්.
ඒ අනුව බොරැල්ල ප‍්‍රදේශයෙන් 60 දෙනෙකු, මට්ටක්කුලිය ප‍්‍රදේශයෙන් 46 දෙනෙකු සහ දෙමටගොඩ ප‍්‍රදේශයෙන් 36 දෙනෙකු ඊයේ දිනයේ කොරෝනා ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබෙනවා.
මේ අතර ඊයේ දිනයේ සිට හුදකලා භාවයෙන් ඉවත් කෙරුණු කොළඹ මහල් නිවාස සංකීර්ණ හයෙහි ජනතාව වඩාත් වගකීමෙන් කටයුතු කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කරනවා. මේ, ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ එහි සංස්කාරක වෛද්‍ය හරිත අලූත්ගේ.
කළුතර දිස්ති‍්‍රක්කයෙන් ඊයේ දිනයේ වාර්තා වූ කොරෝනා ආසාදිතයින් ගණන 136 ක්. මහනුවර දිස්ති‍්‍රක්කයෙන් කොරෝනා ආසාදිතයින් 55 දෙනෙකු, ගම්පහ දිස්ති‍්‍රක්කයෙන් කොරෝනා ආසාදිතයින් දෙනෙකු සහ යාපනය දිස්ති‍්‍රක්කයෙන් කොරෝනා ආසාදිතයින් 37 දෙනෙකු ඊයේ හඳුනාගත් බවයි කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ.
මේ අතර ති‍්‍රවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 67 ක් තුළ පුද්ගලයින් 6,754 දෙනෙකු තවදුරටත් නිරෝධායනය වෙමින් සිටිනවා. මේ වනවිට මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 32,135 ක්.
මේ අතර නිරෝධායන රීතිවලට පටහැනිව කටයුතු කළ පුද්ගලයින් 1,349 දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පැවසුවා.
(Neth)