Wednesday, September 24, 2025
Follow Us
කොවිඩ් මරණ ගණන 149 දක්වා ඉහළට

මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 149 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ, ඊයේ වාර්තා වූ තවත් කොරෝනා මරණ 02 ක් සමගින්. එලෙස මියගොස් ඇති එක් පුද්ගලයෙකු කොළඹ 15 ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර මුල්ලේරියාව මූලික රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී ඔහු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කළේ. අනෙක් පුද්ගලයා රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කරන අවස්ථාවේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මේ අතර, මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් ගණන 32,135 ක් දක්වා ඉහළගොස් තිබෙනවා. ඒ, ඊයේ දිනයේ වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 760 දෙනා සමගයි. මේ වනවිට පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති පුද්ගලයින් සංඛ්‍යාව 23,304 ක් බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ. තවදුරටත් රෝහල්ගතව ප‍්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව
8,682 ක්.

මේ අතර, ගාල්ල නාගරික බල ප‍්‍රදේශයේ දැනට දැඩි සංචරණ සිමා පනවා ඇති ග‍්‍රාම නිලධාරිවසම් 07න් පසුගිය දින 13 ක කාලය තුලදි කොරෝනා ආසාදිත රෝගින් 62 දෙනෙකු හමුවි ඇති බව ගාල්ල දිස්ති‍්‍රක් ප‍්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි පවසනවා. නොවැම්බර් මස 30 වනදා සිට 12 වනදා දක්වා කාලය තුලදි එම ආසාදිතයින් හමුවි ඇති බවද ඔහු සඳහන් කළා.

ඒ අනුව එලෙස සංචරණ සිමා පනවා ඇත්තේ ගාල්ල කඩවත්සතර ප‍්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් දංගෙදර නැගෙනහිර, දෙද්දුගොඩ උතුර, දේද්දුගොඩ දකුණ, මිලිද්දුව, මකුළුව, තලාපිටිය, කෝන්ගහ යන ග‍්‍රාම නිලධාරි වසම්වලටයි. ඉකුත් දින 04 ක කාලය තුල ගාල්ල නාගරික බල ප‍්‍රදේශයේ එම ග‍්‍රාම නිලධාරිවසම් හතෙහි පි.සි.ආර් පරික්ෂණ 3,803 ක් සිදු කර තිබෙනවා.

(Neth)