Wednesday, September 24, 2025
Follow Us
කොරෝනා මැද තවත් රෝගයක් ලංකාවට

වැලිමැස්සාගෙන් ව්‍යාප්ත වන ලිස්මනයිසිස් නම් චර්ම රෝගයට ගොදුරු වූ රෝගීන් 500දෙනකු පමණ හමුවී ඇතැයි වාර්තා වේ.

අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ පදවිය, නාච්චාදූව, තලාව, තඹුත්තේගම, නොච්චියාගම හා ඉපලෝගම යන ප‍්‍රදේශවලි මෙම රෝගීන් වාර්තා වී තිබේ.

ලෝකයේ මිනිසාට හානිකර බෝවන රෝග අතරින් 09 වැනි ස්ථානය ගන්නේ ලිස්මනයිසිස් රෝගයයි.

වැලි මැස්සා නම් වාහකයකුගෙන් පැතිරෙන පරපෝෂිතයකු මගිනුයි පැතිරෙන මෙම රෝගය ලෝකයේ රටවල් 97ක දැනටමත් මෙම රෝගය ව්‍යාප්ත වී තිබේ.

එම නිසා ලිස්මනයිසිස් රෝග ව්‍යාප්තිය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ වැඩ සටහනක් මෙම මස 15 වැනි අඟහරුවාදා උදේ 09 සිට දහවල් 12.30 දක්වා අනුරාධපුර විජයපුර පළාත් සෞඛ්‍ය පුහුණු ඒකකයේ දී පැවැත්වෙන බව අනුරාධපුර දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයේ මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.

(Aruna)