Wednesday, September 24, 2025
Follow Us
කොවිඩ්19 වෛරසය සමාජ ව්‍යාප්ති මට්ටමට පැමිණ තිබෙනවා-රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පෙන්වා දෙන පරිදි මේ වන විට ශ්‍රී ලංකාවේ නිවෙස් වල රැඳී සිටින පුද්ගලයන් කොවිඩ්19 වෛරසය ආසාදනයෙන් මිය යාමත් සමාජයෙන් ආසාදිතයන් වාර්තා වන තත්වයක් අනුව කොවිඩ්19 වෛරසය සමාජ ව්‍යාප්ති මට්ටමට පැමිණ තිබේ.

වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කරන පරිදි දැනට වාර්තා වන සියළුම රෝගීන් මිනුවන්ගොඩ සම්බන්ධ අය වුවද එය එසේ නොවන බව ඒ මහතා අවධාරණය කරයි. ඒ අනුව හරිත අලුත්ගේ මහතා පෙන්වා දෙන්නේ මෙම තත්වය මත අද වන විට සමාජය තුළ විශාල අවදානමක් නිර්මාණය වී ඇති බවයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මතයට අනුව බස්නාහිර පලාත ආශ්‍රිතව තිබූ කොරෝනා අවදානම රටපුරා ව්‍යාප්ත වීමේ තත්ත්වයක් මතුවී ඇති අතර ලෝක කොරෝනා ව්‍යාප්ති දර්ශකයේ ශ‍්‍රී ලංකාව 95 වන තැන දක්වා ඉහළට පැමිණ ඇත.

(Lanka Leads)