Wednesday, February 11, 2026
Follow Us
සේවකයින් තිදෙනෙකුට කොරෝනා : ගාල්ල තැපල් කාර්යාලය යලි දැනුම් දෙන තෙක් වසා තැබේ

කොරෝනා වසංගත තත්වය හමුවේ ගාල්ල තැපල් කාර්යාලය අද (11) දහවල් සිට නැවත දැනුම් දෙන තුරු වසා දැමිමට තින්දු කළ බව දකුණු පළාත් භාර නියෝජ්‍ය තැපල්පති ටි.එල්.එම්.එස් මෙන්ඩිස් මහත්මිය ප්‍රකාශ කර සිටිනවා.

ගාල්ල තැපල් කාර්යලයේ කාර්යමණ්ඩලයේ තිදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට දැනුම් දිමෙන් පසු සෞඛ්‍ය අංශවල නිර්දේශ මත මෙම පියවරගත් බවද නියෝජ්‍ය තැපල්පතිනිය සදහන් කළා.

ගාල්ල නාගරික බල ප්‍රදේශය තුල ඉකුත් 09 වැනිදින කරණු ලැබු පි.සි.ආර් පරික්ෂණවල ප්‍රථිපල අද (11) ලැබි ඇති අතර ඒ අනුව තැපල් කාර්යාලයේ සේවකයින් තිදෙනෙකුටද කොරෝනා වෛරසය ආසාදනය වි ඇ.ති බවට තහවුරුවි ඇත. තැපල් කාර්යාලය විවෘත කරණ දිනය පසුව දැනුම්දෙන බවද නියෝජ්‍ය තැපල්පතිනිය වැඩිදුරටත් සදහන් කළා.

(Neth)