Wednesday, September 24, 2025
Follow Us
95000කට අධික පිරිසක් ගෘහස්ථ නිරෝධායනයේ

කොවිඩ්-19 වෛරස ව්‍යාප්තිය හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 95000කට අධික ප්‍රමාණයක් ගෘහස්ත නිරෝධායනයට ලක් කර ඇතැයි පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ ගම්පහ දිස්ත්‍රික්කයේ පවුල් 35000කට අයත් වැඩිම පිරිසක් ගෘහස්ත නිරෝධායනයට යොමු කර ඇති බවයි.

ගම්පහ දිස්ත්‍රික්කයේ පමණක් 14000කට අධික සංඛ්‍යාවක් නිරෝධායනයට යොමු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කරයි.

(Aruna)