මෙරටින් වාර්තා වන සමස්ත කොවිඞ් නයින්ටීන් ආසාදිතයින් ගණන 30,613ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ, ඊයේ දිනයේ නව ආසාදිතතතයින් 538 දෙනෙකු හඳුනාගැනීමත් සමගයි. එයින් ආසාදිතයින් 304ක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත‍්‍රික්කයෙන්. ඒ අතරින්ද 254 දෙනෙකු වන වැඩිම පිරිස බොරැල්ලෙන් වාර්තා වී තිබීම විශේෂත්වයක්. මට්ටක්කුලියෙන් ආසාදිතයින් 11 දෙනෙකු වාර්තා වී තිබෙනවා. කොළඹ දිස්ති‍්‍රක්කයේ වෙනත් කිසිදු ප‍්‍රදේශයකින් අලූතින් ආසාදිතයින් 05 දෙනෙකු හෝ වාර්තා නොවීම කැපීපෙනන සිද්ධියක්.
මහනුවර දිස්ත‍්‍රික්කයෙන් 38 දෙනෙකු හා ගම්පහ දිස්ත‍්‍රික්කයෙන් 28 දෙනෙකු ලෙස ආසාදිතයින් වාර්තා වු බවයි කොවිඞ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක‍්‍රියාන්විත මධ්‍යස්ථානය පවසන්නේ. ඊයේ වාර්තා වු ආසාදිතයින්ගෙන් 68 දෙනෙකු විදෙස්ගතව සිට මෙරටට පැමිණි අය වනවා. එක් පුද්ගලයෙක් විදෙස් ජාතික නාවික ආරක්ෂක නිලධාරියෙක්.
ඒ අනුව මිනුවන්ගොඩ හා පෑලියගොඩ කොවිඞ් පොකුර 26,981ක් දක්වා ඉහළ ගියා. ඉන් පුද්ගලයින් 18, 853කුම මේ වන විටත් පූර්ණ සුවය ලබා අවසන්. ඒ අනුව මෙරට රෝහල්ගතව තවදුරටත් ප‍්‍රතිකාර ලබන්නේ කොවිඞ් නයින්ටීන් ආසාදිතයින් 8,206ක් පමණයි.
ඊයේ දිනයේදී ද කොවිඞ් නයින්ටීන් මරණ දෙකක් වාර්තා වීමත් සමග මෙරට සිදුව ඇති සමස්ත කොවිඞ් මරණ සංඛ්‍යාව 146 දක්වා ඉහල ගියා. ඔවුන් කොළඹ 02 සහ වැලිගම යන ප‍්‍රදේශවල පදිංචිකරුවන්. ඊයේ දිනයේ දී පීසීආර් පරීක්ෂණ 14,416ක් සිදුකර ඇති බවයි කොවිඞ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක‍්‍රියාන්විත මධ්‍යස්ථානය වැඩිදුරටත් පැවසුවේ.
(Neth)