Wednesday, February 11, 2026
Follow Us
දකුණු සුඩානයෙන් පැමිණි 41ක් ඇතුළු විදේශයන්හි සිට පැමිණි 69 දෙනෙකුට කොරෝනා

විදෙස් රටවල සිට මෙරටට පැමිණි 69 දෙනෙකු ඊයේ (10) කොවිඩ් 19 වෛරස් ආසාදිතයින් වශයෙන් හඳුනාගෙන තිබේ.

ඔවුන් අතරින් 41 දෙනෙකුම දකුණු සුඩානයේ සිට මෙරටට පැමිණි අය වෙති.

ඕමාන් සිට පැමිණි 11ක්, එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සිට පැමිණි 10ක් , ඉන්දියාවේ සිට පැමිණි එක් අයෙක් , මාලදිවයිනේ සිට පැමිණි එක් අයෙක්, එක්සත් රාජධානියේ සිට පැමිණි එක් අයෙක් සහ නාවිකයන් 4 දෙනෙක් ඊට අමතරව ඊයේ දිනයේදී කොවිඩ් ආසාදිතයින් වශයෙන් හඳුනාගෙන ඇත.

එම සංඛ්‍යාවත් සමග ඊයේ දිනයේ මෙරටින් වාර්තා වූ සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 538 දක්වා ඉහළ ගොස් ඇති අතර මෙරටින් මෙතෙක් වාර්තා වූ සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 30613ක් දක්වා ඉහළ ගොස් තිබේ.

(LNW)