Wednesday, February 11, 2026
Follow Us
බත්තරමුල්ල විදේශ සේවා නියුක්ති කාර්යංශය වසා දැමේ

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ රියැදුරෙකුට කොවිඩ් 19 රෝගය වැළඳී ඇති බව තහවුරු වෙයි.

ආසාදිතයා හඳුනා ගැනීමත් සමඟ බත්තරමුල්ල ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතේ පිහිටි එහි ප්‍රධාන කාර්යාලය නැවත දැනුම් දෙන තුරු වසා දමා ඇත.

රෝගය වැළඳුණු රියැදුරු ගේ ආශ්‍රිතයන් වූ තවත් රියැදුරන් 50දෙනෙක් කාර්යංශයේ පන්නිපිටිය පුහුණු මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක්කර ඇතැයි වාර්තා වේ.

එම කාර්යාලය වසා දමා ඇතත් එහි විසිහතර පැයේ තොරතුරු සේවාව ක්‍රියාත්මකව තිබෙන අතර 0112880500 අංකයෙන් එම සේවාව ලබා ගත හැකිය

(Aruna)