Wednesday, September 24, 2025
Follow Us
කෑගල්ලේ වෙද මහතාගේ කොරෝනා ඖෂධයට පේටන්ට් අයිතිය

කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා නිෂ්පාදනය කළ හෙළ ඔසුවට පේටන්ට් බලපත්‍රය ලබාගැනීමට කටයුතු කරන බව දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා ප්‍රකාශ කර සිටී

ඔසුව සම්බන්ධයෙන් වන සායනික අධ්‍යයනයන් කඩිනමින් අවසන් කොට මේ සඳහා අවශ්‍ය පියවර ගන්නා බවද ය සිසිර ජයකොඩි මහතා මාධ්‍ය වෙත පැවසීය .

එම හෙළ ඔසුව කොරෝනා රෝගීන් සඳහ ආහාරමය අතිරේකයක් ලෙස ‍ලබා දීමට දැනටමත් ආයුර්වේද දෙපාර්තමේන්තුවේ නිල අනුමැතිය ලැබී ඇතිබවත් ඔසුවක් ලෙස එයට අවශ්‍ය අනුමැතියද කඩිනමින් ලබාගැනීමට පියවර ගන්නා බවත් ඔහු පැවසීය.

(Lanka Leads)