Wednesday, September 24, 2025
Follow Us
හෙට පාපැදියෙන් වැඩට එන්න ආරාධනා

මෙරට ජනතාව අතර පාපැදි භාවිතය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ‘සුව දිවියට පාපැදිය’ විද්වත් එකමුතුව විසින් හෙට (11 වැනිදා) සිට ආරම්භ කිරීමට අපේක්ෂා කරන ‘අථත්‍ය පාපැදි ගමන’ (Virtual Bicycle Ride) සඳහා එක්වන මෙන් ඔවුන් ශ්‍රී ලංකාවාසීන්ගෙන් ඉල්ලා සිටී.

උදෑසන 6.00 ත් 8.00ත් කාලයේදී සිය නිවසේ සිට සේවාස්ථානය දක්වා පාපැදිය ප්‍රවාහන මාධ්‍යය ලෙසින් යොදාගෙන පැමිණීම මගින් මෙම වැඩසටහන හා එක්විය හැකි බව අදාළ සංවිධානය පවසයි. එසේ පාපැදියෙන් සේවා ස්ථානය සඳහා එන ගමනේ තොරතුරු, ඡායාරූප, වීඩියෝ ආදිය ඔබේ ෆේස්බුක් ගිණුමේ හා STRAVA යෙදුමේ පළ කරන මෙන් එම සංවිධානය ඉල්ලා සිටී.

ජනාධිපති කර්යාලය මෙන්ම ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශවලද, සහය ඇතිව පවත්වනු ලබන මෙම වැඩසටහන සඳහා ‘සුව දිවියට පාපැදිය’ එකමුතුවේ සාමාජිකයන් ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වී සිටීම විශේෂත්වයක් විය.

(Aruna)