Wednesday, February 11, 2026
Follow Us
තවත් ග්‍රාම නිලධාරී වසම් 6කට දැඩි සංචරණ සීමා පනවයි

වැලිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශයේ ගම්මාන 06කට දැඩි සංචරණ සීමා පැනවීමට කටයුතු කර තිබේ.

දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය චන්දිම සිරිතුංග මහතා පැවසුවේ කොවිඩ්-19 වෛරස ආසාදිත රෝගීන් 18 දෙනෙකු වාර්තා වීමත් මෙම පියවර ගත් බවයි.

ඒ අනුව හෙට්ටිවිදිය, අලුත්විදිය, ගල්බොක්ක නැගෙනහිර,ගල්බොක්ක බටහිර, කොට්ටගොඩ, කොහුන්ගමුව යන ගම්මානවලට මෙලෙස සංචරණ සීමා පනවා ඇත.

මෙම ගම්මානවලින් කොරෝනා ආසාදිත රෝගින් 18 දෙනෙකු (09) ඊයේ දිනයේ වාර්තා වී තිබූ අතර, කිහිපයකට පෙර තවත් දෙදෙනෙකුට ද වෛරසය ආසාදනය වී තිබුණි.

ඒ අනුව ඊයේ (09) රාත්‍රියේ සිට මෙකි ගම්මාන සදහා දැඩි සංචරණ සීමා පැනවීමට ආණ්ඩුකාරතුමා පොලිසියට නියෝග කළ බවද දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා පැවසීය.

(Aruna)