Wednesday, September 24, 2025
Follow Us
කොවේඩ්19 වෛරසය මර්ධනය දැන් බලවත් අභියෝගයක් -රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ

කොළඹදී පැවැති මාධ්‍ය හමුවක් අමතමින් රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසා සිටියේ කොවිඩ්19 වෛරසය මර්දනය දැන් බලවත් අභියෝගයක් වෙමින් ඇති බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා ” අද වන විට මෙරට දිස්ත්‍රික්ක 25න් 20කින්ම රෝගීන් වාර්තා වෙමින් තිබෙනවා රට පුරා රෝහල්වල දැඩි සත්කාර ඒකකවල ඇත්තේ ඇඳන් 700කට ආසන්න ප්‍රමාණයක් පමණයි කොවිඩ්19 වෛරස් ආසාදන රෝගීන් සඳහා ඇත්තේ සාමාන්‍ය ඇඳන් 10000 අඩු ප්‍රමාණයක්. පවතින තත්වය තුළ දිනපතා අසාමාන්‍ය අගයකින් රෝගීන් වාර්තා වුවහොත් අවශ්‍ය ඉඩ පහසුකම් මදි වීමෙන් දැඩි අසීරුතාවයකට පත් වීමට ඉඩ තිබෙනවා” යැයි පවසා සිටියේය.

(Lanka Leads)