Wednesday, February 11, 2026
Follow Us
පිළියන්දල ඇඟලුම්හල් සේවිකාවකට කොවිඩ්

පිළියන්දල නගර ආසන්නයේ ඇඟළුම් කර්මාන්තශාලාවක සේවිකාවකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ.

ආසාදිතයා හඳුනා ගැනීමත් සමඟ එම කර්මාන්ත ශාලාව තාවකාලිකව වසා දැමීමට අද(09) පියවර ගත් බව පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

ඉකුත් 07 දා පිළියන්දල ප්‍රධාන බස් නැවතුම්පල භූමියේ පැවති පී.සී.ආර් පරීක්ෂණයට අහඹු ලෙස තෝරා ගත් කාන්තාවකට මෙලෙස කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව හඳුනා ගෙන ඇත.

පොල්ගස්ඕවිට , කුඩමාදූව,උඩුවපිටිය වත්ත පාරේ ඇය පදිංචි නිවස ඇතුළු නිවාස තුනක් හා එහි පදිංචිකරුවන් දහතුන් දෙනෙකු ද, ඇය සේවය කළ ඇඟළුම් කම්හලේ සේවිකාවන් දාහත් දෙනෙකු ඇතුළු 30 දෙනෙකු ද ස්වයං නිරෝධනයට ලක් කිරීමට පියවර ගත් බව පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

ඇයට වෛරසය ආසාදනය වූයේ කෙසේ දැයි අනාවරණය වී නොමැති අතර ආසාදිතයාගේ ආශ්‍රිතයින් එළැඹෙන 12 දා පී.සී.ආර් පරීක්ෂණයට ලක් කිරීමට නියමිතයි.

(Aruna)