Wednesday, September 24, 2025
Follow Us
මධ්‍යම අධිවේගයේ කොටසක් මාර්තු මස අවසන් කිරීමට සැලසුම්

මධ්‍යම අධිවේගී මාර්ගයේ, මීරිගම සිට කුරුණෑගල දක්වා කොටසේ ඉදිකිරීම් එළඹෙන මාර්තු මාසය අග වනවිට අවසන් කිරීමට සැලසුම් කර ඇති බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු පවසනවා.

එම මාර්ගයේ, කඩවත සිට මීරිගම දක්වා කොටසේ ඉදිකිරීම් භාරව සිටි සමාගම මන්දගාමීව කටයුතු කිරීම හේතුවෙන් එම සමාගමේ ගිවිසුම් අවලංගු කිරීමට තීරණය කළ බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

මහාමාර්ග සහ ප‍්‍රවාහන අමාත්‍යාංශ සහ ග‍්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් සහ වාහන නියාමනය, බස් රථ ප‍්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශවල වැය ශීර්ෂ පිළිබඳ අයවැය කාරක සභා අවස්ථා විවාදයේ පිළිතුරු කතාව කරමින් ඔහු මෙම අදහස් පළ කළා.

සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී රෝහණ බණ්ඩාර ද මෙම විවාදයේදී අදහස් පළ කළා. මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුවේ සිදුවන වංචනික කි‍්‍රයා සම්බන්ධයෙන් ඉකුත්දා නෙත් එෆ් එම් බැලූම්ගල කළ අනාවරණයක් සම්බන්ධයෙන් ද මන්ත‍්‍රීවරයා එහිදී අදහස් දැක්වූවා.

(NEth)