Wednesday, April 01, 2026
Follow Us
අටළුගම PHIලා හමුදා ආරක්ෂාව ඉල්ලයි

හුදෙකලා කර ඇති බණ්ඩාරගම අටළුගම ප්‍රදේශයට පොලිස් හෝ හමුදා ආරක්ෂාව ලබාදෙන්නැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සෞඛ්‍ය බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර ඇත.

එම සංගමයේ සභාපති උපුල් රෝහණ පෙන්වා දෙන්නේ අටළුගම ප්‍රදේශයේ පී.සී.ආර්. පරීක්ෂණ කිරීම සඳහා පැමිණෙන සෞඛ්‍ය අංශ නිලධාරීන්ගේ රාජකාරියට අටළුගම ගමේ බොහෝ ජනතාවගෙන් විශාල ලෙස බාධා එල්ල වන බවයි. කඩිනමින් ආරක්ෂාව අවශ්‍ය බවත් එසේ නොවුනහොත් රාජකාරිය නිසියාකාරව කිරීමට නොහැකි වන බවත් සභාපතිවරයා පවසයි.

(Aruna)