Wednesday, February 11, 2026
Follow Us
කොළොන්නාව අවදානමේ

කොළොන්නාව නගර සභා බල ප්‍රදේශයේ සිදු කළ පීසීආර් පරීක්ෂණවල ප්‍රතිඵල පසුගිය 03 දා සිට මේ දක්වා නොලැබීම හේතුවෙන් කොරෝනා පැතිරීමේ අවදානම වැඩි වී ඇති බව වාර්තා වේ.

මේ වන විට වැල්ලම්පිටිය ඔරුගොඩවත්ත, සාතම්මා වත්ත, නවගම්පුර ආදී කොරෝනා ආසාදිතයන් වැඩි වශයෙන් හමුවන ප්‍රදේශවල වැඩි වැඩියෙන් පීසීආර් පරීක්ෂණ සිදු කරගෙන යන බවත් එහෙත් ප්‍රතිඵල පමා වීම හේතුවෙන් සෞඛ්‍ය අංශ දැඩි අසීරුතාවට පත්ව ඇති බවත් වාර්තා වේ.

(Aruna)