Wednesday, September 24, 2025
Follow Us
විදෙස් රටවල රැදී සිටි ශ්‍රී ලාංකිකයින් 481ක් දිවයිනට

රජයේ විශේෂ අවසරය මත සහ කණ්ඩායම් වශයෙන් විදෙස්ගතව සිටින ශ්‍රී ලාංකිකයින් ගෙන්වා ගැනීමේ වැඩසටහන යටතේ අද දිනයේ ශ්‍රී ලාංකිකයින් 481දෙනෙකු මෙරටට පැමිණ තිබේ.

ගුවන් තොටුපළ අප වාර්තාකරු සදහන් කළේ අබුඩාබි හි සිට 44දෙනෙකු, දෝහා සිට 147දෙනෙකු රජයේ විශේෂ අවසරය මත මෙරටට ගෙන්වා ගෙන ඇත.

එමෙන්ම මැදපෙරදිග රැකියාව සදහා ගොස් විවිධ ගැටළුවලට මුහුණ දී මෙරටට පැමිණීමට නොහැකිව එම රටවල රැදී සිටි ලාංකිකයින් 290දෙනෙකු කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබේ.

එම සියලුම මගීන් ගුවන් තොටුපළ තුළදීම පී.සී.ආර්. පරීක්ෂණවලට යොමු කිරීමෙන් අනතුරුව නිරෝධායනය සදහා යොමු කිරීමට නියමිතයි.

(Aruna)