Wednesday, February 11, 2026
Follow Us
කොවිඩ් මළ සිරුරු 14ක් කොළඹ මෘත ශරීරාගාරයේ

කොරෝනා වෛරසයෙන් මියගිය පුද්ගලයින්ගේ මෘත ශරීර ඥාතීන් භාර නොගැනීමෙන් සෞඛ්‍ය අංශ දැඩි අර්බුදයකට මුහුණදී ඇති බවට තොරතුරු වාර්තා වේ.

කොවිඩ්-19 වෛරසය ආසාදනයවීමෙන් මියගිය පුද්ගලයින් 14දෙනෙකුගේ සිරුරු මේ වන විට කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයට අයත් මෘත ශරීරාගාරය තුළ තබා ඇත.

එම සිරුරු දින ගණනාවක් පුරා මෙලෙස තබා ගැනීම තුළින් තම සේවකයින් දැඩි ගැටලු සහගත තත්ත්වයකට මුහුණ දී ඇති බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

(Lanka Leads)