Wednesday, September 24, 2025
Follow Us
දෛනිකව වාර්තාවන ආසාදිතයින් ගණන ඉහළ යෑම සෞඛ්‍ය පද්ධතියට අභියෝගයක්

දෛනිකව මෙරටින් කොවිඩ් ආසාදිතයින් 700ත් 800ත් අතර ප්‍රමාණයක් වාර්තා වුවහොත් අනිවාර්යයෙන්ම සෞඛ්‍ය පද්ධතියට එය අභියෝගාත්මක තත්ත්වයක් වනු ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසුවේ දෛනිකව 700ක පමණ ආසාදිතයින් වාර්තාවීමෙන් සෞඛ්‍ය පද්ධතිය කඩා වැටීමට ඉඩ ඇති බවයි.

එම තත්ත්වය වළක්වා ගැනීමට තවමත් ඉඩ ඇති බව වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පෙන්වා දෙයි.

මේ වන විට දිනකට කොවිඩ් ආසාදිත රෝගීන් 300ක් 400ක් පමණ දළ වශයෙන් පූර්ණ සවය ලබා රෝහල් වලින් පිටව යන විට නැවත රෝහල් වලට ආසාදිතයින් 300ක් 400ක් වාර්තාවීම විශාල තදබදයක් නොවන බවත්, ධාරිතාවය පිළිබද ගැටළුවක් ඇති නොවන බව ඔහු පවසයි.

කෙසේ වෙතත් එම සංඛ්‍යාව ඉක්මවා යමින් ආසාදිතයින් 700ක්-800ත් අතර ප්‍රමාණයක් වාර්තාවීම ඉදිරියේදී විශාල ගැටළුවක් වනු ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පෙන්වා දෙයි.

(Aruna)