කොවිඩ් ආසාදිත දැයි හඳුනා ගැනීම සඳහා PCR කරන මුවාවෙන් සිදුකළ මුදල් ලබාගැනීමේ ජාවාරමක් පිළිබඳව තොරතුරු ලැබී ඇති බවත් මේ සඳහා හසු නොවන ලෙසත් මීරිගම පොලීසිය සඳහන් කරනවා.
කිසියම් සංවිධානාත්මක පිරිසක් මීරිගම නගරය අවට ආයතන වලට දුරකථන ඇමතුම් ලබාදෙමින් PCR පරක්ෂණ සඳහා මුදලක් අවශ්‍ය බවට කළ දැනුම් දී ඇති අතර මේ පිළිබඳව ජනතව කළ දැනුම්දීමක් සම්බන්ධයෙන් මීරිගම මහජන සෞඛ්‍ය පරීක්ෂක නිශාන්ත සෝමරත්න මහතා දැනුවත් වී ඇති අතර ඔහු කළ දැනුම්දීම මත පොලීසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.
එසේම ප්‍රදේශයේ කිසිඳු පුද්ගලික ආයතනයක් PCR පරීක්ෂණ සිදු නොකරන අතර එම වංචනික ක්‍රියාව සම්බන්ධයෙන් සැකකරුවන් ආල්ලා ගැනීම සඳහා ජනතා සහය බලාපොරොත්තු වනවා.
එසේම මේ සම්බන්ධයෙන් තොරතුරු ලැබුනහොත් මීරිගම පොලිසිය 033-227322 හෝ මීරිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය 033-2273278 වෙත තොරතුරු ලබාදෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
(Aruna)