Wednesday, September 24, 2025
Follow Us
මාර්ගවල රේස් පදින්නන්ට අද සිට වැඩ වරදියි

විනෝදාස්වාදය සඳහා අධික වේගයෙන් යතුරුපැදි ධාවනය කරන පුද්ගලයින් සොයා දිවයින පුරා අද (07) සිට මෙහෙයුම් සිදු කෙරෙන බව පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ කොළඹ, ගම්පහ සහ තදාසන්න නගර තුළ රාත්‍රී කාලයේ තරුණයින් විසින් මෙලෙස අධික වේගයෙන් යතුරුපැදි ධාවනය කරන බවට තොරතුරු රැසක් ලැබී ඇති බවය.

මේ අතර, කිඹුලාවල ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ එලෙස යතුරුපැදි තරඟයක් පැවැත්වීමට සූදානම් කර ඇති බවට ලද තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී යතුරුපැදි 24 ක් සමඟ තරුණයින් පිරිසක් පොලිස් භාරයට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

යතුරුපැදිකරුවන් සියලු දෙනාගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව මුදාහැර ඇති අතර යතුරුපැදි සියල්ල වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා පොලිස් භාරයටගෙන තිබේ.

අදාළ යතුරුපැදිවලින් මාර්ගයේ ධාවනය කිරීමට සුදුසු තත්ත්වයේ නියමිත ලියකියවිළි සහිත යතුරුපැදි මුදාහැරීමටත් නීතිවිරෝධී යතුරුපැදි සඳහා නඩු පැවරීමටත් නියමිතය.

 

(Live 24)