Sunday, November 16, 2025
Follow Us
නෙළුම් මල කෙහෙල් කොළේ කරන්න ගිහින් කෝටි 3,100ක් පාඩුයි

කටුනායක ගුවන් තොටුපළේ දෙවැනි පර්යන්තයේ වහලය සෑදීම වසර පහක් ප්‍රමාද කිරීම නිසා රුපියල් කෝටි තුන්දහස් එකසිය පනස් හතරක පාඩුවක් සිදුව ඇතැයි සංචාරක ඇමැති ප්‍රසන්න රණතුංග පෙරේදා (05 වැනිදා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

නෙළුම් මලක හැඩයට සැලසුම් කර තිබූ මෙම පර්යන්තයේ වහලය කෙසෙල් කොළයක හැඩයකින් සෑදීමට පමණක් රුපියල් කෝටි 66ක් වියදම් කර ඇතැයිද ඇමැතිවරයා පැවැසුවේය. මේ සම්බන්ධයෙන් වගකිව යුත්තේ එවක සිවිල් ගුවන් සේවා රාජ්‍ය ඇමැතිවරයාවූ අශෝක් අබේසිංහ බව නාමල් රාජපක්ෂ ඇමැතිවරයා කියා සිටියේය. දෙවැනි අදියර ක්‍රියාත්මක කරන්න බැරිවුණේ ලංකාවේ ඉංජිනේරු ඇස්තමේන්තු මුදලට වඩා ජයිකා ආයතනය ඉදිරිපත් කළ ඇස්තමේන්තුව වැඩිවූ නිසා යැයි අශෝක් අබේසිංහ මන්ත්‍රීවරයා මෙහිදී පැවැසුවේය.

(Aruna)