Wednesday, September 24, 2025
Follow Us
අගමැති හෝ ලේකම්වරයාගේ බලපෑම මත BOI සභාපති ධුරයෙන් ඉල්ලා අස්වුනේ නැහැ - සුසන්ත රත්නායක

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති සුසන්ත රත්නායක ඉකුත්දා සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබුණා. ඒ, ඔහුගේ නියමිත ධූර කාලය අවසන් වීම හේතුවෙන්. සුසන්ත රත්නායක මෙම තනතුරට පත් කර ඇත්තේ වසරක කාලයක් සඳහායි.

අදාල තනතුර භාර ගන්නා අවස්ථාවේදීද වසරක කාලයක් සඳහා පමණක් ධූරය දැරීමට සුසන්ත රත්නායක, ජනාධිපතිවරයා සමග එකගතාවකටද පැමිණ තිබෙනවා. ඒ අනුවයි ඔහුගේ වසරක කාලය සම්පූර්ණ වීමත් සමග සිය කැමැත්තෙන්ම සුසන්ත රත්නායක ඊධෂ සභාපති ධූරයෙන් ඉල්ලා අස්වී ඇත්තේ.

කෙසේවෙතත් සමාජ මාධ්‍යවල පලවී තිබුණේ අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ හා අග‍්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්ගේ බලපෑම් මත ඔහු ඉල්ලා අස් වී ඇති බවයි.

කෙසේවෙතත් අප කළ විමසීමකදී ඔහු එම වාර්තා තරයේ ප‍්‍රතික්ෂේප කළා. සුසන්ත රත්නායක පවසන්නේ තමාගේ ධූර කාලය අවසන් වූ බැවින් තමන් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති ධූරයෙන් ඉල්ලා අස්වූ බවයි. අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හා අග‍්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් තමාට කිසිදු බලපෑමක් සිදු නොකළ බවට ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

(Neth)