Wednesday, February 11, 2026
Follow Us
මහනුවර තවත් භූකම්පන කිහිපයක්

මහනුවර, දිගන ප්‍රදේශයේ මෙලෙස තවත් භූ කම්පන තුනක් හටගෙන ඇත්තේ ඊයේ (05) පස්වරුවේ දීය. භූකම්පන රික්ටර් මාපක ඒකක 2ට අඩු අගයක් ගන්නා බව භූ විද්‍යා හා පතල් කැණිම් කාර්යාංශය සඳහන් කරනවා.

භූකම්පනයට අදාල චලනය වික්ටෝරියා ජලාශයේ භූ කම්පන මාපකවල සටහන්ව තිබෙන අතර එම කම්පන සිදුවී ඇත්තේ පස්වරු 4.00 සිට රාත්‍රී 7.00 දක්වා කාලයේදීයි.

එසේම ඊයේ (05) දිනයේ උදෑසන 05.41කට පමණ දිගන අළුත්වත්ත ප්‍රදේශය ආශ්‍රිතව ද භූ චලනයක් සිදුව තිබුනා.

(Aruna)