Sunday, November 16, 2025
Follow Us
අද දිනයේ ගාල්ල දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිතයින් 20ක් : ග්‍රාම නිලධාරී වසම් 05කට සංචරණ සිමා පැනවීමට නිර්දේශ

ගාල්ල නාගරික බලප්‍රදේශයෙන් කොරෝනා ආසාදිත රෝගින් 06 දෙනෙකු අද (05) දින වාර්තා විමත් නාගරික බල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි වසම් පහක් සදහා සිමා සහිත සංචරණ සිමා පැනවිමට නිර්දේශ කොට ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි පවසනවා.

ගාල්ල නාගරික සභා බලප්‍රදේශයට අයත් ඇත්තිලිගොඩ දකුණ, මකුළුව, දෙද්දුගොඩ උතුර, තලාපිටිය හා මිලිද්දුව යන ග්‍රාම නිලධාරි වසම්වල සිමා සහිත සංචරණ සිමා පැනිවමට නිර්දේශකළ බවයි දිස්ත්‍රික් වසංගත රෝග විද්‍යාඥවරයා සඳහන් කලේ.

මෙකි ග්‍රාම නිලධාරි වසම් 05 තුල හෙට දින අහමු පි.සි.ආර් පරික්ෂණ 1,000කට ආසන්න සංඛ්‍යාවක් සිදුකිරිමට සැලසුම්කොට ඇති බවද ප්‍රාදේශිය වසංගත රෝගවිද්‍යාඥවරයා ප්‍රකාශ කර සිටියා. එම නිසා එම ප්‍රදේශවල ජනතාව පුද්ගලික සංචාරණ සිමා පනවාගෙන පි.සි.ආර් පරික්ෂණ සදහා සහභාගිවන ලෙස ඉල්ලිමක් කරණ බව සදහන් කළ ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥවරයා පි.සි.ආර් පරික්ෂණවල ප්‍රථිපල ලැබෙන තෙක් මෙකි ප්‍රදේශ සදහා සිමා සහිත සංචරණ සිමා පැනවිමට තින්දුකොට ඇති බවද සඳහන් කළා.

මේ පිළිබද ආණ්ඩුකාරතුමාට, ගාල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති තුමාට හා සෞඛ්‍ය අංශවල ඉහල බලධාරින් සදහා දැනුම් දි ඇති බවයි ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි සඳහන් කලේ.

දේද්දුගොඩ ප්‍රදේශයෙන් මිට පෙර කොරෝනා වෛරසය ආසදානය වු මණ්ඩලික බැංකු නිලධාරිණියකගේ පවුලේ ඥාතින් සිව්දෙනෙකු ඇතුළු පුද්ගලයින් 09 දෙනෙකු කොරෝනා ආසාදිතයින් බවට අද දින වාර්තා වි ඇති බවද ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥවරයා සඳහන් කළා.

ගාල්ල දිස්ත්‍රික්කය තුල අද දින කොරෝනා ආසාදිත රෝගින් 20 දෙනෙකු වාර්තා වි ඇති බව පැවසූ බවත්, හපුගල ඉංජිනේරු පිඨයේ සිසුවියන් දෙදෙනෙකුද ඒ අතර සිටින බවද ප්‍රකාශ කර සිටියා.

(Neth)