Wednesday, February 11, 2026
Follow Us
වේයන්ගොඩ විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය වසා දමයි

වේයන්ගොඩ විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳ සහායකයින් කිහිප දෙනෙකු සහ පිටස්තරින් පැමිණ ඇති 9 දෙනෙකුට වෛරසය ආසාධනය වී ඇති බව PCR පරීක්ෂණ වලදී තහවුරු වී ඇති බැවින් එය වසා දැමීමට පියවර ගත් බව ආර්ථික මධ්‍යස්ථානය බාර ගම්පහ දිසාපති සුනිල් ජයලත් මහතා පවසයි.

මේ හේතුවෙන් මෙහි වෙළඳුන් , නාට්ටාමිවරුන් සහ එළවළු රැගෙන එන්නන් 363 දෙනෙකු PCR පරීක්ෂණ සදහා භාජනය කොට ඇති බව ද ඔහු පවසයි.

(Lanka Leads)