මහනුවර දිගන ප්‍රදේශය ආශ්‍රිතව අද (05) දිනයේ තවත් සුළු භු චලනයක් වාර්තා වී ඇතැයි භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය පවසයි.
අද පෙරවරු 05.41කට පමණ දිගන අළුත්වත්ත ප්‍රදේශය ආශ්‍රිතව මෙම භූ චලනය සිදුව ඇති බව භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය සඳහන් කරයි.
පල්ලෙකැලේ සහ මහකනදරාව යන භූ කම්පන මධ්‍යස්ථානවල එය රිච්ටර් මාපකයේ ඒකක 02ක ප්‍රබලත්වයක් ලෙස සටහන්ව ඇත.
මහනුවර දිගන ප්‍රදේශය ආශ්‍රිතව පසුගිය මාසයක පමණ කාලය තුළ මෙවැනි සුළු භූ කම්පන 06ක් පමණ සිදුව ඇති අතර එම භූ කම්පන හටගැනීම සම්බන්ධයෙන් විශේෂඥයින් විමර්ශන ආරම්භ කර ඇති නමුත් මේ දක්වාත් ඊට නිශ්චිත හේතුවක් අනාවරණය වී නොමැත.
(Aruna)