Wednesday, February 11, 2026
Follow Us
කොවිඩ්වලින් වෛද්‍යවරයෙක් මරුට

කොරෝනා රෝගය වැළදීමෙන් අනතුරුව අයි.ඩී.එච්. රෝහලේදී 69 හැවිරිදි වෛද්‍යවරයකු මිය ගොස් ඇතැයි වාර්තා වේ.

මෙම වෛද්‍යවරයා මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචිව සිට ඇති අතර කොරෝනා රෝගය වැළදීමෙන් පසු අයි.ඩී.එච්. රෝහලට ඇතුළත් කර ඇති බව පැවසේ.

රජයේ සේවයෙන් විශ්‍රාම ගොස් කොම්පඤ්ඤවීදිය සහ මට්ටක්කුලිය යන ප්‍රදේශවල පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථාන දෙකක ප්‍රතිකාර සේවාවේ නිරත වී සිටි බවද වාර්තා වෙයි.

එම වෛද්‍යවරයා දීර්ඝ කාලයක් නිදන්ගත රෝග කිහිපයක් සඳහා ප්‍රතිකාර ගත්තේ යැයි ද වාර්තා වේ

(Aruna)