Sunday, November 16, 2025
Follow Us
අගමැති ආරක්ෂකයේ පහකට කොරෝනා

අගමැති ආරක්ෂක කොට්ඨාශයට අනුයුක්තව රාජකාරි සිදුකරන පොලිස් නිලධාරීන් පස්දෙනෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බව පී.සී.ආර්. පරීක්ෂණ වලින් තහවුරු වී ඇත.

මෙම නිලධාරීන් හබරාදූව නිලපියස නිරෝධායනය මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිට ඇති අතර, කරාපිටිය ශික්ෂණ රෝහලේදී ඔවුන්ගේ පී.සී.ආර්. පරීක්ෂණ සිදුකර තිබේ.

එහි ප්‍රතිඵල අද පෙරවරුවේ ලැබී ඇති අතර, එම වාර්තා වලට අනුව මෙම නිලධාරීන් පසදෙනාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ බව ගාල්ල දිස්ත්‍රික් වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ. සිංගාරච්චි මහතා පවසයි.

ඒ අනුව මෙම පොලිස් නිලධාරීන් 5දෙනා ප්‍රතිකාර සදහා කළුතර පොලිස් අභ්‍යාස විදුහල වෙත යොමු කිරීමට කටයුතු කර ඇත.

මේ අතර පොලිස් සැරයන්වරුන් දෙදෙනෙකු සහ පොලිස් කොස්තාපල්වරුන් තිදෙනෙකු ද වේ.

(Aruna)