කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව සිටි ශ්‍රී ලාංකිකයින් පිරිසක් අද ඕමානයේ මස්කට් නුවර සිට කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ තිබේ.
අද උදෑසන 7.40ට පමණ ඕමාන් ගුවන් සේවයට අයත් ඩබ්ලිව්.වයි. 371 දරණ ගුවන් යානයෙන් ශ්‍රී ලාංකිකයින් 54දෙනෙකු දිවයිනට පැමිණි බව අප වාර්තාකරු සදහන් කරයි.
එලෙස පැමිණි මගීන්ගෙන් 20දෙනෙකු පමණ පී.සී.ආර්. පරීක්ෂණ සිදුකර ගැනීම සදහා තමන් සතුව මුදල් නොමැති බව පවසමින් ඔවුන් විරෝධය පළ කර තිබේ.
කටුනායක ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසුවේ එම මගීන්ගේ ඉල්ලීම සලකා බලා ඔවුන් ගුවන් තොටුපළ තුළ පිහිටි වෛද්‍ය රසායනාගාරය වෙත යොමු කර පී.සී.ආර්. පරීක්ෂණ සිදුකළ බවයි.
කෙසේ වෙතත් මෙම මගීන් ශ්‍රී ලංකාවට පැමිණීම සදහා ගුවන් පවේශ පත්‍ර මිලදී ගන්නා අවස්ථාවේදීම කටුනායක ගුවන් තොටුපළේදීම පී.සී.ආර්. පරීක්ෂණ සදහා යොමු කරන බව දැනුවත් කළ අතර, ඊට මුදල් සූදානම් කරගන්නා ලෙස එම ගුවන් සේවය දැනුවත් කර තිබේ.
(Aruna)