කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් අමතමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක හරිත අලුත්ගේ මහතා ප්‍රකාශ කර සිටියේ රට පුරා සිදුකරන ලද පී.සී.ආර් පරීක්ෂණ වලින් 3%ක් පමණ කොරෝනා ආසාදිතයන් ලෙස වාර්තා වී ඇති බවයි.
එසේ වුවද කොළඹ නගර සීමාවේ දී එම අගය 20%ක් වන බවත් අටලුගම ප්‍රදේශයේ දී එය 25% ක් තරම් ඉහළ යන බවත් දිවුලපිටියේදී එය 18%ක් බවත් අවධාරණය කළේය.
එහිදී ඔහු මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්,
“එම පරීක්‍ෂණ අහඹු ලෙස කරන ලද ඒවා නම් එයින් කියැවෙන්නේ මගහැරුනු රෝගීන් විශාල සංඛ්‍යාවක් සමාජයේ සිටින බවයි” යනුවෙන් ඔහු කියා සිටියේය.
(Lanka Leads)