Wednesday, April 01, 2026
Follow Us
අර්ජුන් මහේන්ද්‍රන් ලංකාවට ගෙන ඒම ගැන අද හෙටම උත්තරයක්

මහ බැංකු හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන් පිළිබඳ නීතිපතිවරයාගෙන් අද (03 වැනිදා) හෝ හෙට වාර්තාවක් ලැබෙනු ඇතැයි අධිකරණ ඇමැති අලි සබ්රි ඊයේ (02 වැනිදා) පාර්ලිමේන්තුවේදී පැවැසුවේය.

අර්ජුන මහේන්ද්‍රන් සම්බන්ධයෙන් තොරතුරක් තිබේදැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල විසින් විමසූ අවස්ථාවේදී ඇමැතිවරයා මේ බව පැවැසුවේය.

‘‘අර්ජුන් මහේන්ද්‍රන් ලංකාවට ගේන්න වත්මන් රජය සිංගප්පූරුවෙන් ඉල්ලීමක් කළා. ඒ පිළිබඳ තොරතුරු ලැබී තිබෙනවාද?” කිරිඇල්ල මන්ත්‍රීවරයා ඇසුවේය.

‘‘ඒ ගැන ලිඛිතව නීතිපතිවරයාගෙන් වාර්තාවක් ඉල්ලා තිබෙනවා. ඒක අද හෝ හෙට ලැබේවි. ඉන්පසු කතානායකවරයාගේ අවසරය මත මම ඒක පාර්ලිමේන්තුවට දැනුම් දෙන්නම්. මේ සම්බන්ධයෙන් යම් සංවර්ධනාත්මක දෙයක් සිදුව තිබෙන බවට තොරතුරු ලැබුණා..” යැයි අලි සබ්රි ඇමැතිවරයා පැවැසුවේය.

(Aruna)