Saturday, November 15, 2025
Follow Us
ලබන සතිය වනවිට බන්ධනාගාර තදබදයට විසඳුමක්

ලබන සතිය වනවිට බන්ධනාගාර තදබදයට විසඳුමක් ලැබෙනු ඇති බව අධිකරණ අමාත්‍යාංශයේ උපදේශක ජනාධිපති නීතීඥ යූ ආර් ද සිල්වා පවසනවා.

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ඇප ලබාදිය හැකි සැකකරුවන්ට කඩිනමින් ඇප ලබාදීම සඳහා විධිමත් යාන්ත‍්‍රණයක් සකස් කරන ලෙස නීතිපතිවරයා පොලිස්පතිවරයා වෙත ඊයේ උපදෙස් ලබා දුන්නා.

ඒ සම්බන්ධයෙන් ඊයේ අධිකරණ අමාත්‍යාංශයේදී පොලිස් ප‍්‍රධානීන්ගේ ද සහභාගීත්වයෙන් සාකච්ඡාවක් පැවති බවයි ජනාධිපති නීතීඥ යූ ආර් ද සිල්වා නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී කියා සිටියේ.

ඒ අනුව ලබන සතිය වනවිට දීර්ඝ කාලයක් තිස්සේ ඇප නොලැබුණු සැකකරුවන් විශාල පිරිසකට අධිකරණ මගින් ඇප හිමිවනු ඇති බව ද ජනාධිපති නීතීඥ යූ ආර් ද සිල්වා වැඩිදුරටත් සඳහන් කළා.

(Neth)