Wednesday, April 01, 2026
Follow Us
මහර බන්ධනාගාර ගැටුමෙන් මියගිය 9කට කොරෝනා

මහර බන්ධනාගාර ගැටුමෙන් මිය ගිය රැඳවියන් අතරින් 09 දෙනෙකුට කොරෝනා ආසාදිත වී ඇති බව තහවුරු වී තිබේ.

රාගම රෝහලේ අධ්‍යක්ෂවරයා පැවසුවේ ඊයේ (01) සිදුකළ පී.සී.ආර් පරීක්ෂණවලින් මේ පිළිබඳව තහවුරු වූ බවයි.

පසුගිය 29 වන දින මහර බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් නොසන්සුන්කාරී ලෙස හැසිරුණු අතර එහිදී ඇති වූ ගැටුමෙන් රැඳවියන් 11 දෙනෙකු මිය ගියේය.

මියගිය අනෙක් රැඳවියන් දෙදෙනාගේ PCR පරීක්ෂණ අද සිදු කිිිිරීමට නියමිතව ඇත.

මෙම සිදුවීමෙන් රැඳවියන් 106දෙනෙකු සහ බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු තුවාල ලැබූ අතර, ඔවුන්ගෙන් 29දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබයි.

තුවාල ලැබූ එම රැඳවියන්ගෙන් 38දෙනෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

(Aruna)