Saturday, November 15, 2025
Follow Us
ඥාතීන් නැති නම් කොවිඩ් මෘත ශරීර ආදාහනය රජයේ වියදමින්

ඥාතීන් හා භාර කරුවන් ඉදිරිපත් නොවූ කොවිඩ් ආසදිතව මියගිය අයගේ මෘත ශරීර කිහිපයක් රජයේ රෝහල් වල මෘත ශරීරාගාර වල ගොඩගැසී තිබෙන බව වාර්තාවේ.

මේ සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දැනුවත් භාවයට ලක්කිරීමෙන් අනතුරුව එවැනි මල සිරුරු වහාම සෞඛය හා නීති උපදෙස් වලට අනුව රජයේ වියදමින් ආදාහනය කිරීමට කටයුතු කරන ලෙස උපදෙස් ලබා දී ඇත.

එසේම මේ සඳහා වැය වන වියදම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් ලබාදිය යුතු බවද පැවසේ.

(Aruna)