Saturday, November 15, 2025
Follow Us
විදෙස් උපාධිධාරීන්ට රැකියා ලැබෙයිද?

රැකියා විරහිත උපාධිධාරීන් රැකියා ගත කිරීමේ වැඩසටහන යටතේ විදේශ උපාධිධාරීන්ට රැකියා ලබානොදීම කෙරෙහි රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ අවධානය යොමු වී ඇත.

රැකියා නොලැබුණු උපාධිධාරීහු හයදහසක් පමණ ඉදිරිපත් කළ අභියාචනා මේ වනවිට පරීක්ෂා කර අවසන් බව එම අමාත්‍යංශය පවසයි.

උපාධිධාරීන් හතළිස් නවදහස් හාරසිය හැත්තෑඅට (49,478) දෙනකුට පත්වීම් ලබාදී ඇති අතර ඔවුන්ගෙන් හයදහස් එකසිය හැත්තෑපස්දෙනකු (6175) පත්වීම් ලිපි භාරගෙන නොමැති බව විෂය භාර ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් සඳහන් කළේය.

උපාධිධාරීන් පනස්දහසකට (50000) රැකියා ලබාදීමට තීරණය කළ අතර පසුව තවත් දසදහසකට රැකියා ලබාදීමට අමාත්‍යංශය පියවර ගන්නා ලදී. අභියාචනා ඉදිරිපත් කළ උපාධිධාරීන් හයදහස ඇතුළත සිටින විදේශීය උපාධිධාරීන් අතර විදේශ ශිෂ්‍යත්ව ලබා උපාධිය ලබාගත් අයද සිටින බව අමාත්‍යංශය සඳහන් කරයි. මේ අතර කොවිඩ් තත්ත්වය හේතුවෙන් පුහුණුවීම් සඳහා බඳවාගත් උපාධිධාරීන්ගේ පුහුණුව තාවකාලිකව නතර කර ඇත.

(Aruna)