Saturday, November 15, 2025
Follow Us
වත්තල කොරෝනා ආසාදිතයන් 1000 ඉක්මවයි

වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයේ මේ වන විට කොරෝනා වයිරස ආසාදිතයන් 1000 ඉක්මවා යාමත් සමග වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 5000 කට අධික ජන කොටසක් පදිංචිව සිටින ප්‍රදේශ හතරක් හුදෙකලා කොට ඇති බව වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනී යූ. ඇසැන්තා පවසයි.

හැඳල, කෙරවලපිටිය, දික්ඕවිට, අවරකොටුව, මාබෝල, වැලිකඩ මුල්ල, වත්තල, මාබෝල නගර සභා බල ප්‍ර​දේශයේ පල්ලිය පටුමගේ සෙකමිකරු නිවාස සංකීර්ණය පෙදෙස ඒ අයුරින් හුදෙකලා කොට ඇති අතර ඊයේ හැඳල කෙරවලපිටිය මළ ගෙදරකට කොවිඩ් 19 වයිරස ආසාදිතයකු සහභාගි වී තිබීම නිසා එම මළ ගෙදරට සහභාගී වී සිටි අසල්වැසි පුද්ගලයන් 22 කට කොවිඩ් 19 වයිරසය ආසාදනය වී ඇති බව වත්තල පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුණ අමරසේකර පැවැසීය.

(Aruna)