Wednesday, February 11, 2026
Follow Us
මහර සිදුවීමෙන් රැඳවියන් 109ක් රෝහලේ

මහර බන්ධනාගර සිදුවීමෙන් ඇති වූ සිදුවීම නිසා තුවාල ලැබූ රෝහල් ගත කළ පිරිස රාගම රෝහලට ඇතුලත් කර ඇති බවත් එම පිරිස 109ක් දක්වා ඉහල ගොස් ඇත.

රෝහල් ගතවූවන් අතර රැඳවියන් 107ක් සහ බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙක් වන බවද පැවසේ . එසේම අවසන් වශයෙන් රෝහල්ගත කළ රැඳවියන්ට සාමාන්‍ය තුවාල පමණක් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරනවා.

අද (01) උදෑසන රුපවහිනි වැඩසටහනකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මේ බව සඳහන් කර ඇත.

(Aruna)