Wednesday, February 11, 2026
Follow Us
අටුළුගම 224කට කොවිඩ්

කොරෝනා දෙවැනි රැල්ල ආරම්භ වීමෙන් අනතුරුව බණ්ඩාරගම අටුළුගම ප්‍රදේශයෙන් දින 15 තුළ කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් 224 දෙනකු වාර්තා වී ඇත.

එම ආසාදිතයන් ඇතුළු බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයෙන් සමස්ත ආසාදිත රෝගීන් 303දෙනෙකු මේ දක්වා වාර්තා වී ඇතැයි බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය නිමේශා රත්නවීර මහත්මිය පවසයි.

අටුළුගම ඇතුළු අනෙකුත් ප්‍රදේශවල සිදුකළ පි සි ආර් පරීක්ෂණ වල වාර්තා 300 අධික ප්‍රමාණයක් ලැබීමට නියමිතව ඇතැයි වෛද්‍යවරිය වැඩිදුරටත් පැවසුවාය.

මේ වන විට කොරෝනා වෛරසය ආසාධිත වී එක් පුද්ගලයෙක් මිය ගොස් ඇත.

(Aruna)