Friday, April 26, 2024
Follow Us
හුදෙකලා ප්‍රදේශවල නිදන්ගත රෝගීන් රෝහල් ගතකරන්න

හුදකලා කර ඇති ප්‍රදේශවලින් හමුවන කොවිඩ් රෝගීන්ගේ නිවෙස්වල සිටින නිදන්ගත රෝග සහිත පුද්ගලයින් ද රෝහල්ගත කිරීමට පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කොවිඩ් මර්දන කමිටුවට උපදෙස් දී ඇත.

හුදකලා කර ඇති ප්‍රදේශයන්හි නිවෙස්වල සිටින පුද්ගලයින් මියයාම සම්බන්ධව කොවිඩ් කමිටුවේ අවධානය යොමුකරමින් ජනපතිවරයා මෙම උපදෙස් ලබා දී තිබේ.

හුදකලා කළ ප්‍රදේශ වෙත විශේෂඥ වෛද්‍යවරුන් සහිත ජංගම සායන යවා එමගින් නිදන්ගත රෝගීන් හඳුනාගෙන ඔවුන් රෝහල් වෙත යොමු කරන ලෙස ජනාධිපතිවරයා දන්වා තිබේ.

මෙතෙක් මිය ගිය 109 දෙනාගෙන් 42 දෙනකුම නිවෙස්වලදී හා නිවෙස්වල සිට රෝහල්ත කිරීමේ දී මියගිය අයයි. ඉන් බහුතරය නිදන්ගත රෝග ඇති අය වෙති.

අවසන් වරට වාර්තා වූ මරණ දහයම නිදන්ගත රෝග සහිත කොවිඩ් ආසාදිතයෝ ය. ඉන් මරණ හතක්ම සිදුව ඇත්තේ නිවසේදීමය.

(Aruna)