Thursday, April 25, 2024
Follow Us
කොවිඩ් මළ සිරුරු 5ක් ආදාහනයට විරෝධය

ආදාහනය කිරීමට විරෝධය පාමින් මළසිරුරු රැගෙන නොයාම නිසා කොළඹ පොලිස් මෘතශාරීරාගාරයේ කොවිඩ් මළසිරුරු පහක් දින ගණනක් තිස්සේ තිබෙන බව සෞඛ්‍ය අංශ පවසයි.

මියගොස් පැය විසිහතරක් යන්නට පෙර කොවිඩ් වැලඳුණු අයගේ මෘතදේහ ආදාහනය කළ යුතු වුවත් මෙම ගැටලුව නිසා එම මළසිරුරු දින ගණනක් මෘත ශරීරාගාරයේ තැබීමට සිදු වී ඇත.

සිරුරු ආදාහනයට මිනීපෙට්ටි ලබාදිය නොහැකි බව දන්වා ආදාහනයට විරෝධය පෑ පවුලේ ඥාතීන් පිටව ගොස් ඇතැයි කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලය හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඉහළ නිලධාරීන්ට වාර්තා කර ඇත.

මෙම මෘත ශරීර අතර කොම්පඤ්ඤවීදියේ දෙකක්, මරදානින් 01ක්, මාලිගාවත්තෙන් එකක් හා කොටුවේ එකක් වන බව කියයි.

මෙම පිරිස නිවසේ සිට කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමේ දී මියගිය අයයි. පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයට යොමු කළ පසු මෘත ශරීර භාර ගැනීම පවුල්වල ඥාතීන් ප්‍රතික්ෂේප කර ඇත.

(Aruna)